(Mausoleum at Halicarnassus)

Tags

මොසලෝනස් ගේ සොහොන් ගෙය (Mausoleum at Halicarnassus)

ඉපැරණි ලෝක පුදුම - 8 කොටස 

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙමසොහොන්ගෙය, Artemisia රැජිණවිසින් තම සැමියා  වු  Mausolus  රජු ක්‍රි.පූ  353 දී මියගිය පසු Halicarnassus (වර්තමාන තුර්කියේ Bodrum නම් ප්‍රදේශය) හීදී    ඉදි කරන ලදී

Halicarnassus හා  අවට ප්‍රදේශය  Mausolus රජු හා Artemisia රැජිණ විසින් වසර 24ක් පාලනය කර ඇත.

Mausolus රජු විවාහ කරගෙන සිටි Artemisia රැජිණ ඔහුගේසහෝදරියයිඑකල තම සහෝදරිය වවාහ කරගැනීම රජ පවුල් වල සම්ප්‍රධායක් වී තිබුණි. ක්‍රි.පූ 353 දී තම සැමියා මිය  ගිය පසු බලවත්කම්පාවට පත් Artemisia රැජිණ ලෝකයේ වඩාත් චමත්කාරජනකසොහොන් ගෙය නිර්මාණය කිරීම වෙනුවෙන්  අතිදක්ෂ ග්‍රීක චිත්‍ර ශිල්පීන්කුලියට ගන්නා ලදී.


Mausoleum at Halicarnassus යන නාමය Mausolus නමෙන්මුලාරම්භයක් ලෙස ගෙන මෙම සොහොන් ගැබට නම් තබන ලදී.
ප්‍රකට ග්‍රීක චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු වූ Pytheos හා Satyros සොහොන්ගෙයි හැඩය නිර්මාණය කර ඇති බව සදහන් වේ. ග්‍රීක, Lycian හාඊජිප්තු ඇතුළුව විවිධ සංස්කෘතික කලාකරුවන්  සොහොන් ගෙයනිර්මාණයට දායක විය.

Mausolus රජු මියගොස් අවුරුදු දෙකකින්, Artemisia රැජිණ  මරණයටපත් වියසොහොන් ගැබ  නිමකිරීමට පෙර ඇය මරණයට පත්වී තිබුණි.
කෙසේ හෝ වැඩ නිම කරන විට  මෙම සොහොන්ගේය  අඩි 147 ක් උසවූ අතර සම්පුර්ණ Halicarnassus ප්‍රදේශයම පෙනෙන ලෙස එය කඳුඉස්මත්තේ පිහිටා ඇත.




කිරිගරුඬ වලින්  මෙම  සොහොන් ගැබම නිර්මාණය කර ඇති අතර සොහොන් ගැබට නැගීමට කළුගලින් සෑදු සිංහයන් ඇති පඩිපෙළක්  සාදා ඇතසොහොන් ගැබෙහි බිත්ති මත යුධකාමී ස්ත්‍රීන්ගේ  හා රණශුරයන්ගේ සිතුවම්ද දක්නට ලැබේ.



මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රි.පූ 334 දී මෙම නගරය යටත් කර ගත්තත්මෙම සොහොන් ගැබට කිසිඳු හානියක් වුයේ නැත. ක්‍රි.පූ 58 දී හා 62 දී මුහුදු කොල්ලකරුවන් විසින් නැවතත් මෙම ප්‍රදේශයට පහර දුන්නත් සොහොන් ගැබ ආරක්ෂාවී තිබුණි. නමුත් 13 වන සියවසේ ඇතිවූභුමිකම්පාවකින් මෙම සොහොන් ගැබ බොහෝ දුරට විනාශයට පත් වූ බව සදහන් වේ.

13 වන සියවසේ දී කුරුස යුද්ධ භටයන් මෙම  නගරය අල්ලා ගන්නා ලද අතර  ඔවුන් තම ගොඩනැගිලි ඉදි කිරීමට මෙම සොහොන් ගෙ කොටස් යොදා ගත් බව පැවසේ. 

ක්‍රි.ව 1401 වන විට සොහොන් ගෙහි ඉතිරි වී තිබුනේ පදනම පමණකි .
පුරාවිද්යාඥ චාර්ල්ස් නිව්ටන් විසින් ක්‍රි.ව 1800 දී Artemisia රැජිණ ගේ හා  Mausolus රජු ගේ ප්‍රතිමාවන් සමග තවත් පෞරාණික කොටස්   කීපයක් සොයා ගන්නා ලදීදැන් මේවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහිතැන්පත් කර ඇතැයි සඳහන් වේ.


පුරාතන ලෝකයේ පුදුම ලැයිස්තුව සැකසුවා යයි සැලකෙන  Sidon හි ඇන්ටිපේටර් විසින් මෙම දැවැන්ත නිර්මාණයේ තිබු විශ්මිත බව නිසා ඉපැරණි ලෝක පුදුම අතරට මෙය ඇතුලත් කල බව සදහන් වේ (උපුටා ගන්නා ලදි.)