මළ මුහුද ( Dead Sea )
ලුණු මුහුද ලෙසද හඳුන්වන මළමුහුද, නැගෙනහිර ජෝර්දානයටමායිම්ව හා බටහිරින් ඊශ්‍රායලයට මායිම්ව පිහිටා තිබේ. එයසැබැවින්ම පෘථිවියේ අද්විතීයස්ථානවලින් එකක් වේ.
අධි ලවණතාවයක් ඇති මළමුහුද දේ ගැඹුර මීටර් 377 ක් (අඩි 1237) පමණ වේ. මෙහි සෝඩියම්ක්ලෝරයිඩ් හා වෙනත් ඛනිජ ලවණ සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගුවේ.
33.7% ක් ලවණ සමඟ මළ මුහුද ජල ලෝකයේ ලවණතාවයෙන් වැඩිමමුහුද වේ. මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය නිසා බැක්ටීරියා වර්ග වලට හැර එහි කිසිදු ජීවියෙකුට හෝ පැලෑටියකට ජිවත් වීමට නොහැක. මළ මුහුදට ඒ නම වැටීමට හේතුව වී ඇත්තේ මෙම කාරණාවයි.
මළ මුහුද පළලින් වැඩිම තැන කිලෝ මීටර් 18 (11 සැත) ක් හා දිගින් වැඩිම තැන කිලෝ මීටර් 67 (42 සැත) ක් වේ. එය ජෝර්දාන් Riftනිම්නය තුල පවති. ප්‍රධාන අතු ගංඟාව වන්නේ ජෝර්දාන් නදියයි.

මළ මුහුදේ අසාමාන්‍ය ඉහල ලුණු සාන්ද්‍රණය නිසා මිනිසුන්ට එහිපහසුවෙන් පාවිය හැකිය.අනෙක් සාගර වලට වඩා දළ වශයෙන් 8.6 ගුණයක් ලවණතාවයෙන් වැඩි මෙය එක්සත් ජනපදයේ ඌටා හී Great Salt Lakeඑකට සමාන වේ.
ඔෂදිය ගුණය සැලකීමේදී ,මළ මුහුදට දිගු ඉතිහාසයක් ඇත. මෙහි ඇති මඩවල සුවපත් කිරීමේ සුවිශේෂී ගුණයක් ඇතැයි සැලකේ. එබැවින්ඇරිස්ටෝටල්, සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින යන මේ අය පවා අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට මළ මුහුදේ ජලය සහ මඩ භාවිතා කල යයි සදහන් වේ.
ජෝර්දානයේ පරිසරවේදීන් විසින් මළ මුහුදේ වත්මන් අනුපාතය පහතවැටීම දිගටම සිදුවුවහොත් එය වසර 2050 වන විට අතුරුදහන් වනුඇති බවට අනතුරු අඟවති.(උපුටා ගන්නා ලදි.)